වායු බලාගාර සිහිනයක් වූ යුගයට තිත! 2021 රටට වායු බලාගාරවලින් විදුලිය!

September 20, 2020 at 7:04 am | by emanisa.lk
වසර 13 ක් කතාවක් පමණක් වූ එල්.එන්.ජී බලාගාර හෙවත් වායු බලාගාර ඔස්සේ 2023 වසරේ දී විදුලි ජනනයට එක් කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පසුගියදා ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිරීක්ෂණයකට එක්වූ අවස්ථාවේදී පැවති සේවක හමුවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අලහප්පෙරුම මහතා,
“2015 – 2019 වසර 05  ඇතුලත ජාතික විදුලිබල  පද්ධතියට එකතුවෙලා තිබෙන්නේ මෙගාවොට් 300 ක් පමණයි. නමුත් වසරකට විදුලි ඉල්ලුම 6% කින් වර්ධනය වෙනවා. ඒ අනුව ඉදිරියේදී රට මුහුණ දෙන ගැටළු වලක්වන්න බැහැ.
එල්.එන්.ජී. ගැන අපි කතා කරන්න පටන් ගත්තේ වසර 2007දී. නමුත් මේ වනතෙක් අපට පළමු බලාගාරයටවත් යන්න අපට පුළුවන් වුණේ නැහැ. වසර 13ක්ම ඒ ගැන කතා කළා පමණයි.
ඒ වගේ අර්බුධකාරී වාතාවරණයකයි අපි සිටින්නේ. වසර 2023 වනවිට අපි බලාපොරොත්තු වෙනවා එකක් නොවෙයි, එල්එන්ජී බලාගාර 02 කට යන්න. ඒ තුළින් ජාතික විදුලිබල පද්ධතියට සැලකියයුතු  LNG දායකත්වයක් සපයන්න”
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස