වායු බලාගාරයේ දුන්නේ ඇමරිකාවට නෙමෙයි, ඇමරිකානු සමාගමකට…! – විමල්…

July 18, 2021 at 9:11 am | by emanisa.lk

නොරොච්චෝලේ LNG බලාගාරය ඇමරිකාවට ලබාදීමක් සිදුව නොමැති බවත් එහි සිදුව ඇත්තේ ඇමරිකානු සමාගමකට දීමක් බවත් අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“ඇමරිකාවට දීමක් නෙවෙයි, එතන තියෙන්නෙ ඇමරිකානු සමාගමකට දීමක්. ඇත්ත වශයෙන්ම වෙලා තියෙන්නෙ මුදල් අමාත්‍යාංශය සතුව තිබිච්ච කොටස් ප්‍රමාණය විතරයි එතෙන්දී දීලා තියෙන්නෙ.

ඒ ඇරෙන්න විදුලිබල මණ්ඩලය සතු කොටස් හෝ අනෙකුත් කොටස් කිසිම ආකාරයකින් ඒ සමාගමට දීලා නෑ. රට මුහුණ දීලා තිබෙන විදේශ විනිමය අර්බුදයත් එක්ක තමයි ඒ ඇතැම් පියවර ගැනීමට සිදුවී තිබෙන්නෙ.

ඒක තමයි ඒ පියවර සාධාරණීකරණය කිරීම සඳහා ජනාධිපතිතුමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කාරණය වුණේ.”

අමාත්‍ය විමල් වීරවංශ මේ බව පැවසුවේ පෙරේදා (16) දොඩම්ගස්ලන්ද, කහටගහ පතලේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස