කොවිඩ් වසංගතය මැද සංචාරක ක්ෂේත්‍රය පිබිදෙයි…! පහුගිය වසරෙත් මිලියන 880ක විදෙස් ආයෝජන එයි..!

April 27, 2021 at 7:25 am | by emanisa.lk

කොවිඩ් වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද 2020 වසරේ දී සංචාරක ක්ෂේත්‍රය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව ආයෝජන ව්‍යාපෘති 54කට විදේශ ආයෝජන ඉදිරිපත් වී ඇතැයි ඇමැති ප‍්‍රසන්න රණතුංග පවසයි.

ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 188.4 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති 29ක් සඳහා මේ වන විට අවසන් අනුමැතිය ලැබී ඇති බවත් ඉතිරි ආයෝජන සඳහා අනුමැතිය කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ඉකුත් වසර 10 තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ව්‍යාපෘති 854 ක් ක‍්‍රියාත්මක කර තිබෙන බවත් ඉන් ඩොලර් මිලියන 7026 ක ආදායමක් ලබාගෙන ඇති බවත් ඇමැති ප්‍රසන්න රණතුංග අවධාරණය කර සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *