දිවුලපිටිය කොවිඩ් රෝහලේ රෝගීන් කණ්ඩායමක් නිසා රෝහල් පරිපාලනය බරපතළ අපහසුතාවකට පත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
තමන්ට ලැබෙන ආහාර වේල රසවත් නැති බවත්, ප්‍රමාණවත් නාන කාමර හා වෙනත් පහසුකම් නොමැති බවත් කියමින් මොවුන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට බැණ වදිමින් අදාළ පහසුකම් සැපයුවේ නැති නම් රෝහලින් පැන ගොස් ගම් වඳින බවට තර්ජනය කර තිබේ.
දැනට කොරෝනා ප්‍රතිකාර රෝහලක් බවට පත් කර ඇති දිවුලපිටිය දිසා රෝහලේ රෝගීහු 102ක් ප්‍රතිකාර ලබති.
එම පිරිස අතරින් ඩොක්යාර්ඩ් ආයතනයේ සේවය කරමින් සිටිය දී ආසාදිත වූ පුද්ගලයින් 15 දෙනෙක් මෙලෙස රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවට පත් කරමින් තර්ජනය කර තිබෙන බව වාර්තා වේ.
මෙම පුද්ගලයන් වෙනුවෙන් ඩොක්යාර්ඩ් ආයනයෙන් වියලි ආහාර ද්‍රව්‍ය රෝහල වෙත සපයන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ තර්ජන සිදුවීම පොලිසියට, මහජන සෞඛ්‍ය බලධාරීන්ට, ලිඛිතව දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.