වස දාලා ඵලදාව වැඩි කරගෙන වැඩක් නෑ…! කාබනික ගොවිතැන යථාර්ථයක් කරනවා..! – චමල්…

October 13, 2021 at 10:30 am | by emanisa.lk

කාබනික පොහොර තීන්දුව වන වනා සිටියේ නම් කිසිදා ක්‍රියාත්මක කළ නොහැකි බව ඇමැති චමල් රාජපක්ෂ පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි වසවිසෙන් තොර හරිත කෘෂිකර්මය සඳහා අවශ්‍ය පදනම සකසන බව සඳහන් කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

ගොවි ජනතාවට තවමත් මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොමැති බවත් පෙළඹවීම් නිසා නොමග ගිය පිරිසක් ද සිටින බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

එම ජනතාව තුළ කාබනික ගොවිතැන කෙරෙහි විශ්වාසය ඇති කිරීමේ අභියෝගය රජය සතු බවත් වසවිස දමා ඵලදාව ඉහළ නංවා ගෙන පලක් නොමැති බවත් ඇමැති චමල් රාජපක්ෂ අවධාරණය කරයි.

මහවැලි අධිකාරයේ උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා ඊයේ (12) මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *