වසර 20කින් ලංකාව ආසියාවෙි වෙළෙඳපොළ කේන්ද්‍රස්ථානය කරනවා!

April 6, 2019 at 5:06 pm | by admin

තවත් වසර 20 කින් ශ්‍රී ලංකාව ආසියා වෙළදපළේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි. ආසියා දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සමුළුවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

ආසියානු රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය වැඩිදියුණු කිරීම උදෙසා විවිධ දේශපාලන පක්ෂ අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය සහ තිරසර සාමය හා සමෘද්ධිමත් බව සදහා උචිත පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු ඇතිව මෙම ජාත්‍යන්තර සමුළුව පැවැත්වෙයි.

ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම සමුළුව සංවිධාන කරයි. මෙමගින් දේශපාලන පක්ෂ විපක්ෂ එකට හමුවන වේදිකාවක් නිර්මාණය කිරීමට මෙමගින් හැකියාව ලැබෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස