වරිපනම් ගෙවන්න ගිය ආණ්ඩුවේ ලොක්කගෙනුත් අල්ලස් අරන්…! අපරාධකාරයින් අල්ලන්න රාජ්‍ය ආයතනවලට රහස් කණ්ඩායම්….!

January 2, 2021 at 9:07 am | by emanisa.lk

මහ ජනතාවට රාජ්‍ය ආයතනවල දී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ගොවිජන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවල දී ජනතාවට එහි සේවකයන්ගෙන් සිදු වන නොයෙකුත් අපහසුතා හේතුවෙන් මේ පිළිබඳ අවධානය යොමුව තිබේ.

එම ආයතනවලට ගෙවිය යුතු මුදල් ගෙවීම්, අනුමැතිය ලබා ගැනීම් ආදී කටයුතු සඳහා යන ජනතාව හිතාමතාම අපහසුවට පත් කර අතයට මුදල් ගැනීම් ආදී සිදු වීම් නිසා මෙම තීරණයට යොමුව ඇත. පසුගියදා ආණ්ඩුවේ ප්‍රබලයෙකු නගර සභාවේ වාර්ෂික වරිපනම් බදු මුදල් ගෙවීමට යාමේ දී එහි සේවකයන් හිතාමතා ප්‍රමාද කර අත යට මුදලක් ලබා ගෙන තිබේ.

මෙම තත්ත්වය නිරීක්ෂණ කිරීමෙන් පසුව වහාම මේ පිළිබඳ අවධානය යොමු කර එවැනි පුද්ගලයන් කොටුකර ගැනීමට වෙස්වලාගත් කණ්ඩායමක් යෙදවීම කෙරෙහි අවධානය යොමුව ඇත.

මේ ආකාරයට ජනතාව අපහසුතාවට ලක් කරන ආයතනවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොස් නිරීක්ෂණය කළේ ය. ඒ ආකාරයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, නිවාස අධිකාරිය කාර්යාලවලට පසුගිය වසරේ ජනපතිවරයා ගොස් නිරීක්ෂණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස