වරාය වෘත්තීය සමිති අකුරට වැඩ කිරීම නිසා හෝ වැඩ වර්ජනය කිරීම නිසා අහිමි වන්නේ රටට ලැබීමට නියමිත ඩොලරයක් නොලැබෙන තැනට කටයුතු කිරීම බව වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන පවසයි
එවැනි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා රටේ ආර්ථික ප්‍රගමනය සඳහා ඇති මාවත සම්පූර්ණයෙන් අවහිර කිරීමක් සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය.
මේ වන තෙක් අවසන් නිගමනයක් නොමැති බවත් සියලු දේ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
එවැනි පසුබිමක වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යන්නේ රටේ ආර්ථිකය සහ වරායේ පැවැත්ම වෙනත් දිශානතියකට යොමු කිරීමේ උවමනාව ද යන සැකය තමන්ට ඇති බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පැවසී ය.