වරාය නගරයෙන් රට සිංගප්පූරුවක් කරන්න සජිත්ලා බාධා කරනවා….! – මහින්දානන්ද….

April 16, 2021 at 5:22 pm | by emanisa.lk

වරාය නගරය සම්බන්ධයෙන් විජයදාස රාජපක්ෂට හෝ වෙනත් අයකුට ගැටලුවක් ඇත්නම් එය ආණ්ඩුව ඇතුළේම විසඳාගත හැකිව තිබූ බවත්, එසේ කතා නොකිරීම ගැටලුවක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

වරාය නගර කෙටුම්පත සහ විජයදාස රාජපක්ෂ පැවැත්වූ මාධ්‍ය හමුවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ය.

එමෙන්ම තමන් හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකු යටතේම ඇමැතිකම් දැරූ බව කී ඇමැති මහින්දානන්ද ඒ සෑම ජනාධිපතිවරයකුම යම් ප්‍රශ්නයක් පැන නැගුනු අවස්ථාවකදී දුරකතනයෙන් කතා කොට විමසීම් කරන බවත්, එය සාමාන්‍ය සිදුවීමක් බවත් කියා සිටියේය.

එමෙන්ම තමන් මුරුත්තෙට්ටුවේ හිමියන් මුණගැසීමට අභයාරාමයට ගිය බවත්, එහිදී මුරුත්තෙට්ටුවේ හිමියන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් දුරකතන ඇමතුමක් පැමිණි බවත් අමාත්‍යවරයා හෙළි කළේය.

වරාය නගරය මගින් මේ රට ඊළග සිංගප්පූරුවක් කරන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විපක්ෂනායකවරයා ඇතුළු පිරිසක් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *