වර්ජනයට එකතු වුණේ නෑ කියලා නි. විදුහල්පතිගේ මේසෙයි පුටුවයි උස්සලා…!

March 2, 2023 at 6:31 pm | by emanisa.lk

මහියංගණ ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති සුදන්ත රත්නායකගේ නිල කාමරයේ තිබූ ඔහුගේ මේසය සහ පුටුව අතුරුදන්ව ඇත.

ජාතික නිදහස් ගුරු සංගමයේ සභාපතිවරයා ද වන සුදන්ත රත්නායක ඊයේ ක්‍රියාත්මක වූ වර්ජන ක්‍රියාවලියට එකතු වී නැත.

ඊයේ උදෑසන නියෝජ්‍ය විදුහල්පතිවරයා පාසලට යන විට ඔහුගේ නිල මේසය පුටුව සමග නිල මුද්‍රාව සහ ලිපි ලේඛන ද අතුරුදන්ව ඇත.

මේ පිළිබඳ සුදන්ත රත්නායක පොලිසියට පැමිණිල කොට ඇති අතර වර්ජන විරෝධතාව සහ මෙම සිදුවීම අතර සම්බන්ධයක් ඇතැයි ද ඔහු ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *