කොවිඩ් මැද වර්ජන තර්ජන බෑ….! ග්‍රාම නිලධාරී සේවය වහා ම අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ….! වරාය ඉන්ධන ප්‍රවාහන ඇතුළු සේවා 05ක් ඒ අතර….!

May 27, 2021 at 6:00 pm | by emanisa.lk

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන, මහ බැංකුව, රාජ්‍ය බැංකු, ඇතුළු ආයතන සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර තිබේ.

ජනාධිපතිවරයා එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස