වයස 74 මහින්ද සීයා කෙනෙක්! වයස 77 ජෝ බීඩ්න් නියමයි! – මංගල

November 8, 2020 at 10:29 pm | by emanisa.lk

ඇමරිකානු නව ජනාධිපති 77 හැවිරිදි ජෝ බීඩ්න් සහ උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සුබ පතා තිබේ.

සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමිනි ඔහු නව ජනාධිපතිවරයාට සිය සුබ පැතුම් එකතු කර තිබේ.

ජෝ බීඩ්න්ගේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ, සාධාරණත්වයෙහි සහ විනීතභාවයෙහි විජයග්‍රහණයක් බව හිටපු විදේශ කටයුතු ඇමතිවරයා පෙන්වා දී ඇත.

කෙසේ වුව ද ඔහු පසුගිය සමයේ 74 හැවිරිදි මහින්ද රාජපක්ෂ මහල්ලෙකු බවත් දේශපාලනයට නුසුදුසු සීයා කෙනෙකු බවත් පවසමින් අවමානාත්මක ප්‍රකාශයක් කළේ ය.

නව ඇමරිකානු ජනාධිපති ජෝ බීඩ්න් ජෝ බීඩ්න් මහින්ද රාජපක්ෂට මෙන් ම ඩොනල්ඩ් ‍ට්‍රම්ෆ්ට ද වඩා අවුරුදු 04කින් වැඩි මහල් අයකු බව මංගල සමරවීරගේ අවධානයට පාත්‍ර වී නැත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස