කුමන වයස් කාණ්ඩයකට අයත් වුවද, ශරීර දුර්වලතාවකින් යුත් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳුනහොත්, මියයාමේ ඉඩකඩ වැඩි බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
එබැවින් කඩිනමින් එන්නත් ලබාගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර රෝග ලක්ෂණ නොමැති රෝගීන් යම් සංඛ්‍යාවක් සමාජයේ සිටින බැවින්, ඔවුන්ගෙන් රෝග ව්‍යාප්තිය සිදුවිය හැකි බවද සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් 19 රෝගය වැළඳුණු 1,297 දෙනෙකු ඊයේ(10) මෙරටින් හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
එසේම තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ පසුගිය 09 වයස වනදා තහවුරු කර ගත් මරණ වේ. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව15,723ක් දක්වා ඉහළ ගියේය.