ඔමික්‍රෝන් රටට ගෙනා කත කිසි ම එන්නතක් ලබා ගෙන නෑ..! ඈ රටට ඇතුළු වූ ආකාරය වහා හෙළි කරනු..! – GMOA..

December 4, 2021 at 10:20 am | by emanisa.lk

පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ අයෙකු බව ඊයේ (03) අනාවරණ විය.

මේ වන විට බොහෝ රටවලට පැමිණීමට අවසර හිමිවන්නේ පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට පමණ. එවන් පසුබිමක කිසිදු එන්නතක් හෝ ලබානොගත් මෙම කාන්තාව රටට ඇතුළුවූයේ කෙසේද යන්න ගැටළු සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කතකටය. ඇය ඉකුත් 24 වනදා දිවයිනට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ එම කාන්තාවට රටට ඇතුළුවීමට අවසර ලබාදුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස