කොවිඩ් වසංගතය හමුවේ ආර්ථිකය කඩා වැටුණේ බැඳුම්ක වංචාව නිසයි…!

August 30, 2021 at 5:17 pm | by emanisa.lk

මෙම වසර අවසාන වන විට ආර්ථික ප්‍රගමනයක් ලබා ගත හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

ඒ, අද (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ඉලක්ක ගත කණ්ඩායමෙන් 60%කට වැඩි පිරිසකට සම්පූර්ණ වශයෙන් එන්නත් ලබා දී අවසන් වී තිබෙන අවස්ථාවක ජනතාවත් වගකීමෙන් කටයුතු කරන්නේ නම් රට විවෘත කළ හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

”ලෝකය ආර්ථික අර්බුදයකට යද්දී අපේ රටත් ඒ ආර්ථික අර්බුදයේ ප්‍රධාන ගොදුරක් බවට පත්වුණේ විපක්ෂය කරපු කාර්ය භාරය නිසා කියන කාරණයත් අමතක කරන්න එපා. 2015-2019 කාලේ අපේ රටේ ආර්ථිකය සීඝ්‍ර කඩා වැටීමකට ලක්වුණා. ඒ සීඝ්‍ර කඩා වැටීම තුළ මහා පරිමාණ වංචා දූෂණ සිදුවීම් ඇති වුණා.

අපි දැක්කා 2015 යහපාලන ආණ්ඩුව කාලේ මහා බැංකු බැඳුම්කර වංචාව සිද්ධ වෙන්නේ කියල. බැඳුම්කර වංචාවෙන් ආරම්භ වුණ ආර්ථික කඩා වැටීම තමයි කොවිඩ් තත්ත්වය තුළ බරපතල පරිහානියක් බවට පත්වුණේ. මේ පරිහානියේ ප්‍රධාන කොටස්කාරයෙක් බවට කොවිඩ් පත්වෙනවා.

අනිත් ප්‍රධාන කණ්ඩායම තමයි අද විපක්ෂයේ ඉන්න 2015-2019 ආණ්ඩුව කරපු කට්ටිය. ඒ හොර වංචා මගඩිවල ප්‍රතිඵල තමයි අද අපි සියලු දෙනාම අත්විදින්නේ. මේක ආර්ථික වශයෙන් විශාල බලපෑමක් ඇතිවෙලා තිබෙන කාලයක්.

ඒ වගේම තමයි අපි කණගාටු වෙනවා රට විවෘත කරලා රටේ සියලු දෙනාටම ඇතිවෙලා තියෙන අපහසුතාවලින් මිදෙන්න එන්නත්කරණය සීඝ්‍රව සිදුවෙද්දී එන්න්ත්කරණයටත් බාධා ඇති කරන්නත් විපක්ෂය කටයුතු කරනවා. කෙසේ වෙතත් 2021 අවසාන වෙද්දී මේ රටේ යළි ආර්ථික පුනරාමනයක් ඇති කරන්න කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස