වතු කම්කරු සිහිනයක් සැබෑ වෙයි! ජනවාරියේ සිට දිනක වැටුප රු. 1000යි!

November 17, 2020 at 6:45 pm | by emanisa.lk

2021 අයවැය මගින් වතු කම්කරුවන්ගේ දිනක වැටුප ලබන ජනවාරියේ සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප රු. 1 000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා පසුගිය සමයේ විවිධ පාර්ශ්ව ඉල්ලා සිටියේ ය. එය පසුගියදා අභාවප්‍රාප්ත වූ අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන්ගේ ද ප්‍රධාන ඉල්ලීමක් විය.

පසුගිය ආණ්ඩු සමයේ දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් අරගල කළ ද වැඩි කර ඇත්තේ රු. 20ක් බවට චෝදනා නැඟිණි.

එළඹෙන ජනවාරියේ සිට වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රු. 1000 බවට පත්කිරීමට අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ යෝජනා කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *