ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ අමාත්‍යංශ සහ ඇමැති කාර්යාල 05ක්…! මාසික කුලිය ලක්ෂ 178යි….!

March 26, 2021 at 6:47 am | by emanisa.lk

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වා ගෙන යන රාජ්‍ය අමාත්‍යයාංශ තුනක් සහ ඇමැති කාර්යාල දෙකක් වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ දහ නවදහස් හයසිය අසූ පහක් බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සංචාරක ඇමැතිවරයාගේ කාර්යාලය සඳහා රුපියල් දහ නව ලක්ෂ තිස්දහස් අටසිය අටක්, බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයට රුපියල් දාහත් ලක්ෂ හැට හතරදහස් හත්සිය විස්සක් මාසිකව ගෙවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් තිස් අට ලක්ෂ පනස් එක් දහස් හයසිය තිස් එකක්, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත. රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් හැත්තෑ දෙලක්ෂ විසි දෙදහස් හයසිය හැට හතරක් සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂ හතළිස් නව දහස් අටසිය හැට දෙකක් මාසිකව ගෙවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ රජයේ ගොඩනැගිලි වෙත ගෙන යාම සඳහා වන කාර්යාල සංකීර්ණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට කටයුතු සිදුකරමින් පවතින බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *