ලෝක කොරෝනා වසංගතය ජයගන්න සජිත්-චන්ද්‍රිකා හමුවක්!

November 23, 2020 at 4:36 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බංඩාරනායක කුමාරණතුංග අතර විශේෂ හමුවක් අද (23) සිදුවිය.

ලෝක ව්‍යසනයක්ව පවතින කොරෝනා උවදුර පිළිබඳව එම හමුවේදී විශේෂ අවධානයක් යොමු විය. කොරෝනා වසංගතය දේශීයවත් ජාත්‍යන්තරවත් බරපතල ව්‍යසනයක් බවට ඇති තත්ත්වයක් තුළ එයින් උද්ගතව ඇති අභියෝග පිළිබඳවත්, ඒවා ජයගතයුතු ආකාරය පිළිබඳවත් එහි දී සාකච්ඡාවට ගැණිනි.

එමෙන්ම ශ්‍රී ලංකාවට උචිත ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සැකසීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමුවූ අතර ලෝකය පුරා උද්ගතව ඇති දේශගුණික විපර්යාස පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස