ලෝකය ම ඍණ වෙනවා කී ආර්ථිකය දණ වුණේ කොහොම ද? අපට පිළිගන්න බෑ! – හර්ෂ

November 18, 2020 at 10:24 pm | by emanisa.lk

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, මහ බැංකුව මෙන් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2020 ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඍණ වනු ඇතැයි අනාවැකි පළ කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

එහෙත් ඒ සියලු අනාවැකි බොරු කරමින් මෙවර අයවැය ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ නාමික ආර්ථික වර්ධනය 6.7ක් බව සඳහන් වන්නේ යැයි ඔහු පෙන්වා දෙයි.

එය පුදුමයක් වුවත් මුදල් අමාත්‍යංශයට අනුව ඇත්තක් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි. මෙම ආර්ථික වර්ධනය වෛද්‍ය එ්ලියන්ත වයිට්ගේ මුට්ටිය වගේ පෝඪාවක් දැයි විමසන බව ද හෙතෙම සඳහන් කළේ ය.

අද (18) පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *