ලොහාන් රට ම අපකීර්තියට පත් කළා….! වහා ම පොහොට්ටුවෙන් නෙරපනු….!

September 20, 2021 at 8:59 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඔහුගේ විනය විරෝධී ක්‍රියා කලාපය නිසි සමාලෝචනයට ලක් කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කරයි.

මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පෙන්වාදෙන්නේ සිද්ධියට අදාළ පාර්ශවකරුවෙකු වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකුගේ මෙහෙයවීමෙන් සිදුවන පරීක්ෂණය කෙරෙහි මහජන විශ්වාසයක් ඇති නොවන බවය.

දේශපාලන පක්ෂ නායකයින්ගේ ඇදහිය නොහැකි නිහඬ බව මෙවැනි අප්‍රසන්න හා අපිරිසිදු දේශපාලන සංස්කෘතියක් නිර්මාණයට වීමට ප්‍රබල සාධකයක් වූ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ පවා අවමානයට ලක්වන ආකාරයේ හැසිරීමක් පළ කරන යම් පුද්ගලයෙකු වේ නම් එකී පුද්ගලයා පිළිබඳ නිසි ක්‍රියාමාර්ග ගැනීම රාජ්‍ය නායකයින්ගේ හා පක්ෂ නායකත්වයේ පරම වගකීම විය යුතු බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු වැඩි දුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *