ලේක්හවුස් ආයතනයේ daily News පුවත්පත ප්‍රකාශ කරන ආකාරයේ සූම් සාකච්ඡාවක් චීන ජනපති සහ ශ්‍රී ලංකා ජනපති අතර නො පැවති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
එම පුවත්පත අද (09) කර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් සිය අදහස් පළ කරමින් චීන තානාපති කාර්යාලය මේ බව පවසා තිබේ.
පසුගියදා පොදුජන පෙරමුණු සහ චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් අතර සමුළුවක් පැවැත් වුව ද ඊට ද ජනාධිපතිවරුන් දෙදෙනා එකතු නොවූ බව ඔවුන් පවසයි.
චීන ශ්‍රී ලංකා නායකයන් අතර සමීප සබඳතාවක් පවතින බව ද චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සිය නිවේදනයෙහි අවධාරණය කරයි.
The leaders of #China & #SriLanka always maintain close contacts and friendship. We expect more interactions in the days to come. However, President Xi Jinping & President @GotabayaR didn't join the seminar between the CPC and the SLPP on 4th November.https://t.co/mFVZ1rlybs
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) November 9, 2020