ලීටර් 18 ගෑස් මිල රු. 245කින් පහතට….! අලුත් මිල රු. 1150යි…!

July 19, 2021 at 10:29 pm | by emanisa.lk

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

ලිට්‍රෝ සමාගම හඳුන්වා දුන් 9.18kg වන මෙම ගෑස් සිලින්ඩරයකට සමාගම රු. 1395ක මිලක් නියම කර තිබිණි.

රු. 1493ට අලෙවි වූ 12.5kg බරැති ගෑස් සිලින්ඩරයට වඩා එහි මිල අඩු වුව ද බර කිලෝ 3කින් අඩු කර ඇති නිසා දැඩි විරෝධයක් මතු විය.

මේ අනුව අදාළ ගෑස් සිලින්ඩරයෙහි මිල රු. 245කින් අඩු වී ඇති අතර රු. 1150ට ඉදිරියේ දී මිල දී ගත හැකි වනු ඇත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *