ගෑස් මිල වැඩි නොකිරීමට අමාත්‍ය අනු කමිටු තීන්දුවක්…! රට පුරා ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක්….!

June 21, 2021 at 3:05 pm | by emanisa.lk

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණි.

ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

මේ වන විටත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම නිසා ගෑස් සමාගම් දැඩි අර්බුදයකට මුහුණපා ඇති අතර ඔවුන්ට සහනාධාර ක්‍රමයක් ලබා නොදුනහෝ නුදුරේ දීම වෙළෙඳපොළේ දැඩි ගෑස් හිඟයක් ඇති වීමේ අවදානමක් මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *