ලිට්‍රො සභාපති වෙලා පැයෙන් ගෑස් අර්බුදය විසඳුවා…! ජනපති මගේ දක්ෂතා දැකල ජධිපති මිල්කො සභාපති කළා..! – රේණුක…

January 22, 2022 at 10:07 am | by emanisa.lk

තමා පැයක් සඳහා ලිට්‍රො ආයතනයේ සභාපති ධූරයට පත්කිරීමත් සමග රට වෙළා ගෙන පැවැති ගෑස් අර්බුදය විසඳුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්, මිල්කො සමාගමේ නව සභාපති රේණුක පෙරේරා පවසයි.

එය තමන්ගේ ඕඩරයක් අනුව සිදු වූවක් දැයි මාධ්‍ය විමසූ විට රේණුක පෙරේරා එය ප්‍රතික්ෂේප නොකළ අතර ඔබ අවබෝධයෙන් එම ප්‍රශ්නය ඇසුවේ යැයි ද ප්‍රකාශ කළේය.

නැවෙන් එන ගෑස් ටික සිලින්ඩරවලට පිරවීම හැර කිසිවක් ලිට්‍රො ආයතනයේ සිදු නොවන නිසාත් තමාට ඊට වඩා වැඩ කොටසක් කළ හැකි නිසා ජනාධිපතිතුමා තමන් අමතා මිල්කො ආයතනය භාරගන්නා ලෙස ආරාධනා කළ බවත් රේණුක පෙරේරා සඳහන් කළේ, ඊයේ (22) මිල්කො ආයතනයේ සභාපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු මාධ්‍ය අමතමිනි.

මෙම අවස්ථාවට මිල්කො ආයතනය භාර රාජ්‍ය අමාත්‍ය පී.බී. හේරත් ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස