ලාභ ලබන මිල්කො සභාපති පන්නයි..! පොහොට්ටු ලේකම් සභාපති පුටුව…!

January 18, 2022 at 4:48 pm | by emanisa.lk

මිල්කො ආයතනයේ සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නැත. කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් රේණුක පෙරේරා මිල්කො සභාපති ධූරයට පත්කර ගැනීමට දැඩි උත්සාහක නිරත වන බව වාර්තා වෙයි.

යහපාලන ආණ්ඩුව සමයේ අවසාන වසර තුනෙහි මිල්කො ආයතනය රු. මිලියන 2000කට අධික පාඩුවක් ලැබූ අතර එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළේ වර්තමාන මිල්කො සභාපති ලසන්ත වික්‍රමසිංහ යටතේ ය. 2020 සහ 2021 දෙවසර තුළ මිල්කෝ ආයතනය රු. මිලියන 800 ඉක්මවා ලාභ ලැබූ අතර 2015 වසරට පසු කිරි ගොවීන් සඳහා ගෙවන මිල ද 30%කින් ඉහළ දැමීමට කටයුතු කෙරිණි.

ලිට්‍රො සමාගමේ සභාපති ධූරය සඳහා ද පසුගියදා පැය කිහිපයකට පත් කළ රේණුක පෙරේරා, මිල්කො සමාගමේ සභාපති ධූරය සඳහා පත් කිරීමට සූදානම් වන්නේ එම සමාගම ලාභ ලබමින් කිරි ගොවින්ට ද ඉහළ මිලක් ගෙවමින් ඉතා ම හොඳින් පාලනය වන පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *