සැබෑ ගෑස් මාෆියාව
ඊයේ ජනාධිපතිවරයා ලිත්රෝ සමාගම් පරිශ්‍රය නිරීක්ෂණය කිරීම සඳහා එහි ගිය අවස්ථාවේ දී, එහි සභාපතිවරයා තව දුරටත් තබා ගන්නා ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටි තිදෙනා පහත දැක්වේ.
තිදෙනාම පසුගිය යහපාලන රජයේ ප්රමුඛ පෙළේ ක්‍රියාකාරීන් බව ප්‍රසිද්ධ කරුණකි. එක් අයෙකු, එනම් ටෙරන්ස් නැමැත්තා එජාප වෘත්තීය සමිතියේ නායකයාය. මේ සියලු දෙනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සභාපතිවරයා තවදුරටත් තබා ගන්නා ලෙසයි.
හේතුව පැහැදිලි ය. ඔවුන්ගේ නායකයින්ට අවශ්‍ය වන්නේ ගෑස් අර්බුදය තව දුරටත් තබා ගනිමින් ජනාධිපතිවරයා හා ආණ්ඩුව දිනෙන් දින පිරිහීමට ලක් කිරීමය. පුවත් සිරස්තල මැවීමය. පෝලිම්වල සිට ආණ්ඩුවට හෙණ ඉල්ලීමය.
තම පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්, රටක් හා ආණ්ඩුවක් බිල්ලට දෙන අතරතුර, වෘත්තිය සමිති නායකයින් යොදාගෙන රටේ ජනාධිපතිවරයා පවා නොමග යවමින් කටයුතු කිරීම කොතරම් පිළිකුල් ද?