ලාභ ලබමින් පැවති මිල්කෝ සමාගම වත්මන් සභාපති රේණුක පෙරේරා යටතේ පාඩු ලබන සමාගමක් බවට පත්වී ඇති බව මිල්කෝ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පවසයි.
එහි සභාපති සුමිත් අත්තනායක සඳහන් කළේ හිටපු සභාපති ලසන්ති වික්‍රමසිංහ යටතේ 2019, 2020 සහ 2021 වසරවල ලාභ ලැබූ එම ආයතනය මේ වන විට ණය මත ක්‍රියාත්මක වන තත්ත්වයකට පත්වී ඇති බවය.
මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ඉවත් කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙස කටයුතු කළ රේණුක පෙරේරා එම තනතුරට පත්කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.