එළඹෙන වසර තුළ බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව බදු ජාලය පුළුල් කරමින් බදු ගෙවිය හැකි මට්ටමේ පිරිස ඊට ඇතුළත් කරගැනීම පමණක් බවයි.
ඒ සඳහා මෙරට බදු අය කිරීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ඊට 2024 අයවැය මගින් යෝජනා ප්‍රතිපාදන වෙන් කර ඇති බවද කියා සිටියේය.
එබැවින් වැට් අනුපාතය 24% දක්වා ඉහළ නංවන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි, රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.