ලක්ෂ ගණනින් ගසා කෑ තවත් කොවිඩ් ඖෂධ ජාවාරමක් අල්ලයි….! ජාවාරමේ මහ මොළකරු සජිත්ගේ ගෝළයෙක්….!

September 8, 2021 at 9:59 pm | by emanisa.lk

කොවිඩ් නිව්මෝනියාවෙන් අසාධ්‍ය වන ඇතැම් රෝගීන්ට ලබාදෙන ටොසිලිසුමැබ් (Tocilizumab) නම් විශේෂ එන්නත අනීතිකව ගෙන්වා අසාමාන්‍ය වැඩි මිලකට අලෙවිකිරීමේ ජාවාරමක් හෙළි වී තිබේ.‍

කොවිඩ් නිව්මෝනියාවෙන් අකර්මන්‍ය වන පෙනහළු එමගින් නැවත යථා තත්ත්වයට පත් කළ හැකි අතර
පවතින කොවිඩ් වසංගතය නිසා ටොසිලිසුමැබ් (Tocilizumab) ඖෂධයට ලොව පුරා පවතින්නේ ද දැඩි ඉල්ලුමකි.

එය නිෂ්පාදනය කරන්නේ ස්විස්ටර්ලන්තයේ රෝච් නම් සමාගම පමණක් වන නිසා මේ දිනවල පවතින දැඩි ඉල්ලුමට අවශ්‍ය පරිදි සැපයුම සිදු කරන්නට එම සමාගමට හැකියාවක් නොමැත. එම ඉල්ලුම නිසාම ලොව පුරා මෙම ඖෂධය අධික මිලකට අලෙවි වෙයි.

මෙරට තුළ රුපියල් ලක්ෂ 2කට ආසන්න වටිනාකමකින් යුත් මෙම ඖෂධය රුපියල් ලක්ෂ 05 සිට 10 දක්වා අධික මිලකට පිරිසක් කූඨ ලෙස අලෙවි කරන පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති අතර එම ජාවාරමේ ප්‍රධානියා පසුගිය මහා මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ අයෙකි. මෙම ඖෂධය පිළිබඳ සජිත් ප්‍රේමදාස සමාජයේ සංවාදයක් ඇති කිරීම නිසා ඒ පිළිබඳ විශාල කළුකඩ වෙළෙඳපොළක් බිහි වූ බවට ද චෝදනා නැඟෙයි.

Tocilizumab එන්නත් 5ක් ඔහුගේ බොරැල්ල නිවසේ ශීතකරණයක තිබී සොයා ගත් අතර තවත් එන්නත් විශාල ප්‍රමාණයක් ඒ වන විටත් අති විශාල මුදල් ලබා ගනිමින් අලෙවි කර තිබිණි. විශේෂිත ආකාරයට ශීතාගාරයක තැන්පත් කළ යුතු මෙම ඖෂධ ඔහුගේ නිවසේ ශීතකරණයේ එලවළු මස් මාලු සමඟ ගබඩා කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස