කරාපිටියේ කොවිඩ් කරලත් ධම්මික පැණිය වගේ ම බොරුවක්…! බොරුකාරයෝ පස්සේ දුවල තමන්ගේ ජීවිත අවදානමට දාගන්න එපා…! – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම…

May 6, 2021 at 8:43 pm | by emanisa.lk

කිසියම් ඖෂධයක් සොයා ගත් විට එය රෝගයක් සඳහා ප්‍රත්‍යක්ෂ දැයි තහවුරු කරගන්නා ක්‍රමවේදයක් ඇතැයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

එසේ නොමැති නම් ආයුර්වේදයෙහි යම් යම් රෝග සඳහා ලබා දිය යුතු ඖෂධ පිළිබඳ සඳහන්ව ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.

කොවිඩ් සඳහා නව ඖෂධයක් සොයා ගත් බවට කරාපිටිය රෝහලේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන පවසා ඇතැයි ද වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දෙයි.

මෙය සම්පූර්ණයෙන් බොරුවක් බවත් මෙවැනි ජාවාරම්වලට හසුව මුදල් නාස්ති නොකර ගන්නා ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙවැනි ජාවාරම් නිසා සෞඛ්‍ය අංශ කොවිඩ් වසංගතයට ගොදුරු නොවී සිටීම සඳහා ක්‍රියාත්මක ක්‍රමවේද නොතකමින් ජනතාව මේ පසුපස යාමට පෙළඹෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස