ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ETE සහ EPF අරමුදල්වලට අමතරව විශ්‍රාම වැටුපක් ද ගෙවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
එහි සභාපති ගැමුණු රත්නායක පවසන්නේ ලංවිම වසර 20ක් සේවය කළ අයෙකුට ඔහුගේ වැටුපින් 1/3ක් මුළු ජීවිත කාලය පුරා ම ලැබෙන බවයි.
සාමාන්‍යයෙන් විශ්‍රාම වැටුප් නොලැබෙන ආයතනවල සේවකයින්ට හිමි ETE සහ EPF වරප්‍රසාද ද ලබමින් විශ්‍රාම වැටුප ද ලැබීම අරුම පුදුම තත්ත්වයක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
මෙම මාදිලිය ලොව වෙනත් කිසිදු රටක ක්‍රියාත්මක නොවන බවත් ඒ පිළිබඳ ලෝක මට්ටමින් සොයා බැලිය යුතු බවත් ජනක රත්නායක වැඩි දුරටත් ප්‍රකාශ කරයි.