2021 මුල් කාර්තුවේ ලංවිමට රු. කෝටි 982ක පාඩුවක්….!

May 14, 2021 at 11:48 am | by emanisa.lk

2021 මාර්තු 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 8.92ක හෙවත් රු. කෝටි 892ක අලාභයක් වාර්තා කර ඇත.

2021 මුල් කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ මූල්‍ය ප්‍රකාශනය මගින් මේ බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් 2020 ජනවාරි – මාර්තු කාර්තුවේ දී රු. බිලියන 17.5ක අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයට විඳ දරා ගැනීමට සිදුව තිබිණි.

ඒම අලාභය මෙම කාර්තුවේ දී 49.01% කින් අඩු කර ගැනීමට හැකියාව ලැබී තිබේ. විදුලි බල මණ්ඩලයේ ආදායමට වඩා වියදම් ඉහළ අගයයක් ගැනීම මීට මූලික වශයෙන් හේතු වී තිබේ.

2021 මුල් කාර්තුවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම රු. බිලියන 59.74ක් වුව ද වියදම රු. බිලියන 66.15ක් ලෙසින් වාර්තා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *