ලංකා ප‍්‍රිමියර් ලීග් පළමු ජය කොළොම්බෝ කිංග්ස්ලාට! තරඟය සුපිරි පන්දු වාරය දක්වා ම උණුසුම් වෙයි!

November 27, 2020 at 9:19 am | by emanisa.lk

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක තරඟය වන කොලොම්බෝ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර පැවති තරඟය ජයගැනීමට කොළොම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරගය සඳහා අවතීර්ණ වූ අතර නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු තුනක් පමණක් දැවී ලකුණු 219 ක් ලබා ගත්තේ ය.

ඉලක්කය හඹා ගිය ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කොලොම්බෝ කිංග්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස අවාසනයේ ලබාගත හැකි වූයේ ලකුණු 219ක් පමණි. මේ නිසා තරඟයේ ජය පරාජය තීන්දු කිරීමට සුපිරි පන්දුවාරයක් යැවීමට සිදු විය.

සුපිරි පන්දු වාරය ක්‍රීඩා කරමින්, කොලොම්බෝ කිංග්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ ය. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් ලබා ගැනීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අභියෝගයක් එල්ල වුවද ඔවුන් ලබා ගත්තේ ලකුණු 12ක් පමණි. තරගයේ වීරයා සම්මානය කොලොම්බෝ කිංග්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල්ට හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස