ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ මාධවේදී කීර්ති රත්නායක කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය නිදහස් දිනය හෙටට යෙදී ඇති අතර කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත්, ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් ඉල්ලමින්, කීර්ති රත්නායක ලිපියක් ලියා තිබීම අත් අඩංගුවට ගැනීමේ හේතුව බවත් වාර්තා වේ.
කීර්ති රත්නායක හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.