ශ්‍රී ලංකාව ලෝකයේ අඩුම බදු අය කරන රටවල් අතරින් එකක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එය වර්තමානයේ රට මුහුණ පා ඇති මූල්‍ය අර්බුදයට ප්‍රධාන දායකත්වයක් දක්වා ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධි විධාන පිළිබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මෙරට ණය වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ඇති ප්රවණතා පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව කියා සිටියේය.
2009 වසරේදී සිදු කළ බදු අඩු කිරීම් රටට දරාගත නොහැකි වී ඇති බව ද රාජ්‍ය ආදායම ඉහළ නැංවීම ණය වැඩසටහනනේ ප්‍රධාන අංගයක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
ඒ අනුව 2025 වසරේ දී බදු ආදායම වසරේ රජයේ අතිරේක ආදායමේ ප්‍රධාන මූලාශ්‍රයක් වනු ඇති බව ද පීටර් බෲවර් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.