ලංකාවේ මුල් පුරවැසියෝ සිංහල නෙමෙයි දෙමළ! දෙමළ ජනතාවට උතුරු නැඟෙනහිරට ස්වයං පාලනය දිය යුතුයි! – සුමන්දිරන් ජාතිවාදී දෙබරයට ගල් ගසමින් වැඩ අරඹයි….

August 21, 2020 at 1:45 pm | by emanisa.lk

ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් පළමු ස්වදේශීක වැසියන්ගේ භාෂාව දෙමළ බවත් එය නොනැසී පවතින ලෝකයේ පැරණිම භාෂාව බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඔහුු මේ බව කියා සිටියේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී නව කතානායක ලෙස තේරී පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක් කරමිනි.

අද බිහිවී ඇති බල සම්පන්න රජය තරම්ම බලවත් රජයක් 1977දී බිහි වූ බවත් එම රජය 1983දී වධ බන්ධන සිදු කළ බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජයටද අලියා ගිය මග දිගේ ගියහොත් අනාගතයේ එක් මන්ත‍්‍රී ධුරයක් දක්වා පසු බසින්නට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

උතුර හා නැගෙනහිර ජීවත්වන ජනතාවට ස්වභාවිකවම උරුම වී ඇති අයිතීන් සේම ඔවුනට හිමි ස්වයං පාලන අයිතීන් පිළිගැනීම ද කළ යුතු බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස