ලංකාවේ ගව ඝාතනය සපුරා තහනම්…! තීන්දුව සියලු පළාත් පාලන ආයතන වෙත…!

July 18, 2021 at 12:27 pm | by emanisa.lk

ගව ඝාතනය නතර කිරීමට ක්‍රියා කරන ලෙස පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.ඩී.ඒ.බී. බොරලැස්ස සියලු පළාත් පාලන ආයතනවලට දැනුම් දී තිබේ.

මේ සඳහා අවශ්‍ය පනත් 04ක් සංශෝධනය කිරීමට දැනට පියවර ගෙන ඇති අතර ඒවා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ගව ඝාතනය ශ්‍රී ලංකාව තුළ තහනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය වසරේ සැප්තැම්බර් 17 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ගව ඝාතනය තහනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය මීට පෙර ගත් තීරණය පිළිබඳව සියලු ම පළාත් පාලන ආයතන දැනුම්වත් කර තිබුණ ද එම තීරණය ක්‍රියාත්මක නොවූ බව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

එබැවින් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව කටයුතු කරන ලෙසත්, වෙනත් තීරණයක් ගැනීමෙන් වළකින ලෙසත් පළාත් පාලන ආයතනවලට, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය නැවත දැනුම් දීමක් කළ බව එස්.ඩී.ඒ.බී. බොරලැස්ස වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *