ලංකාවේ කොරෝනා මරණ 16 දක්වා ඉහළ යයි!

October 25, 2020 at 11:11 pm | by emanisa.lk

මෙරට 16 වන COVID-19 මරණය අද (25) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව තහවුරු කරයි.

මිය ගිය පුද්ගලයා කොළඹ 02 හි පදිංචි 70 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ අද අලුයම මියගිය මෙම පුද්ගලයා විෂබීජ ආසාදනයක් නිසා ඔක්තෝබර් 23 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ආසාදනයෙන් පසු ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මියගිය බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස