ලංකාවේ ආකර්ශනීය ම නායකයා මහින්ද…! ඒ ආකර්ශනය ජනතාවගේ ඇට මස් වෙත ම කාවැදිලි..! කිසිවෙකුට බිඳලන්න බෑ…! – ආචාර්ය නිර්මාල්…

January 17, 2021 at 11:48 am | by emanisa.lk

ලංකාවේ සිටින ආකර්ශනීයතම නායකයා මහින්ද රාජපක්ෂ බවත් එය සිංහල බෞද්ධ ජනතාවගේ ඇට මස් නහර වෙත ම කා වැදී ඇති බවත් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ඒ පිළිබඳ ඔහු තබා ඇති ෆේස්බුක් සටහන මෙසේ ය.

රාජපක්ෂවරුන්ගේ දේශපාලන පෞරුෂය!!!
========================
දේශපාලන පෞරුෂයන් හා ඒවාට ඇති මහජන ආකර්ෂනයේ තීව්‍රතාවය දෙස බැලීමේදී එහි ධූරාවලියක් ඇතැයි කිව හැක. ලංකාවේ දේශපාලන ජන මනස තුළ දේශපාලන පෞරුෂයන්ට ඇති ආකර්ශනයේ තීව්‍රතාවය ධූරාවලිගත වී ඇති ආකාරය තේරුම් ගැනීමට පහත සදහන් දේශපාලන පෞරුෂ තුන භාවිත කළ හැක.

1. මෛත්‍රීපාල සිරිසේන: ඔහුට ක්ෂණිකව දේශපාලන ආකර්ශනයක් ඇති වී ඉක්මනින්ම එය නැති වී ගියේය. ඒ ආකර්ශනය පසුපස ඔහුගේ දේශපාලන ඉතිහාසයට අදාළ ආයෝජනයක් පැවැතියද 2015 ජනාධිපතිවරණය තුළ ඔහුට ඇති වූ ආකර්ශනයට බලපෑවේ ඒ මොහොතේ නිර්මාණය වී තිබූ සුවිශේෂ තත්වයයි. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේනට පැවැති ආකර්ශනය තීව්‍රතාවය අතින් අඩු එකකි.

2. චන්ද්‍රිකා කුමාරතුංග: චන්ද්‍රිකාට තිබූ ආකර්ශනය තීව්‍රතාවය අතින් මෛත්‍රීපාලට වඩා තීව්‍රතාවයෙන් ඉහළ එකක් විය. ඇගේ පවුලෙන් උරුම වූ දේශපාලන උරුමය මෙන්ම 1990 දශකයේ මුල තිබූ සුවිශේෂ දේශපාලන තත්වයද ඊට බලපෑවේය. නමුත් ලංකාවේ සිංහල-බෞද්ධ දේශපාලන මනසේ වර්ධනය තුළ එක් අවධියකින් ඔබ්බට දක්නට ලැබුණ අධිපති ලක්ෂණ නියෝජනය කිරීමට ඇයට නොහැකි වීම නිසා ඇයගේ දේශපාලන ආකර්ශනය සීමිත එකක් විය.

3. මහින්ද රාජපක්ෂ: මහින්ද රාජපක්ෂ කෙරෙහි ඇති ආකර්ශනය බෙහෙවින් තීව්‍ර එකක්. සරච්චන්ද්‍රගේ සිංහබාහු නාටකයේ ප්‍රසිද්ධ ගීතයේ කියන්නාක් මෙන් ලංකාවේ සිංහල-බෞද්ධ ජනයාගේ සම් මස් ඇට නහර විනිවිද ඇට මිදුළු දක්වා ගැඹුරට කාවැදී ගිය ආකර්ශනයකි එය. එය පරාජය කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස