ලංකාවට ඩොලර් උල්පතක් පෑදෙයි..! කොරියානු රැකියා 5800ක්…! 200 බැගින් සතිපතා කොරියාවට..!

June 3, 2022 at 11:56 am | by emanisa.lk

කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති 5800ක් ඉදිරි මස හය ඇතුළත කොරියාවට පිටත් කර යැවීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ මෙරට නේවාසික නියෝජිත ලී අතර පැවැති හමුවක දී මෙම තීන්දුව ගෙන ඇත.

කොරියානු රැකියා සදහා පිටත් ව යාමට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිටත් කර යැවීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කර ඇති අතර ඒ සදහා සාධනීය විසඳුමක් ලබාදීමට එකඟ වූ කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ නේවාසික නියෝජිතවරයා ඉදිරි මාස හය තුළ දී රැකියා සදහා සුදුසුමකම් ලබා ඇති 5800ක් කොරියාවට ගෙන්වා ගන්නා බවට සහතික වී ඇත.

ඒ අනුව ඉදිරි සතියේ සිට සතියට එක් ගුවන් යානයකයින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 200 දෙනෙකු බැගින් කොරියාවට රැගෙන යාමට නියමිත අතර ඉන් පසුව එය සතියකට ගුවන් යානා දෙකක් දක්වා වැඩි කිරීමට ද නියමිත බවට තොරතුරු වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *