ලංකගම මිනිස්සු තවම යන්නේ කම්බියේ එල්ලිලා…! ඒක වෙනස් කරන්න ජවිපෙට ආණ්ඩුව දෙන්න..! – මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි…

December 25, 2022 at 3:34 pm | by emanisa.lk

ගං වතුරින් ගැළවෙන්නට එක ම කොටයක නැග සිටින නයි මුගටි මෙන් ම අද එජාපය පොහොට්ටුව සහ සජබය එකට එක්ව සටන් කරමින් ඇතැයි මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි.

මෙම හොර හවුල පරාජය කිරීමට අද රටේ ජනතාව සමග ගාලු දිස්ත්‍රික්කයේ තීරණාත්මක ආසනය වන හිනිඳුම ජනතාව ද එකතු වී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.

මැතිවරණයේ දී ලංකගම ඡන්ද පෙට්ටිය ගෙන එන්නේ අවසානයට බව ප්‍රකාශ කළ මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, එයට හේතුව ලංකගමට නිසි ලෙස මාර්ගයක් තනා දෙන්නට පාලකයින් අසමත් වීම බවට ද චෝදනා කළේය.

තවමත් ලංකගම ජනතාව ගිං ගඟින් එතෙර වන්නේ එක කම්බියක එල්ලි තවත් කම්බියක ඇවිද යමින් බවත් එය වෙනස් කරන්න කාලය පැමිණ ඇති බවත් ඔහු සඳහන් කළේ.

ජාතික ජන බලවේග හිනිඳුම සමුළුව අමතමින් මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *