රෝහිත රාජපක්ෂගේ මාමා ජෙරම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු…!

January 25, 2021 at 11:23 pm | by emanisa.lk

ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකාරවරයා ලෙස පත් කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ඔහු 2015 සැප්තැම්බරයේ ද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ පළපුරුදු නිලධාරියෙකි.

මේ අනුව ඊළඟට පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඔහුට හිමිවනු ඇත.

හිටපු කළමනාකරු අසන්ත ද මෙල් සිය ධුරයෙන් සමු ගත්තේ එංගලන්ත සංචාරය අතරමැද දී ය.

ජෙරාම් ජයරත්න අග්‍රාමාත්‍ය බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යාන ජයරත්නගේ පියාය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *