අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර මුදලට විකුණූ එම රෝහලේ සේවකයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර කාමරේ භාරව කටයුතු කළ 47 හැවිරිදි සේවකයෙකි.
මොහු කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවත්, ඊයේ ( 25) තලාව ප්රදේශයේ පුද්ගලයෙකුට අඩි 4ක් උස ඔක්සිජන් සිලින්ඩර තුනක් රුපියල් 60,000 ක මුදලකට විකිණීමට යාමේදී, පොලිස් උපාය දූතයෙකු ලවා සැකකරු ඔක්සිජන් සිලින්ඩර තුනක් සමග අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසිය සඳහන් කරයි.
සැකකරු මීට පෙර අවස්ථාවක දී ද ගංජා ජාවාරමක නිරත වී පොලිසියට අත්අඩංගුවට පත්ව වැඩ තහනමකට ලක්ව, නැවත සේවයේ පිහිට වූ අයෙකු බව ද පොලිසිය කියයි.