රෝඩ් සේෆ්ටි අනුශූරතාව ලංකාවට..! ශූරතාව ඉන්දියාවට…!

October 2, 2022 at 7:36 am | by emanisa.lk

රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරඟය ජය ගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය.

ඒ අවසන් තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 33කින් පරාජය කරමිනි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තේය.

ලකුණු 196ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 162ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *