කොරෝනා මැද පාර්ලිමේන්තුවේ ස්නුකර් තරඟයක්! සම ශූරතාව නලින් බණ්ඩාරට!

December 11, 2020 at 10:55 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන්‌ අතර සුහද ස්නුකර් තරගාවලියක් ඊයේ (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විය.

දේශපාලන අමනාපකම් අමතක කරමින් මෙම තරගාවලියට දෙපාර්ශ්වයේ ම මන්ත්‍රීවරුන් සහභාගී වී සිටීම කැපී පෙනුණි.

මෙම තරඟාවියේ සම ශූරයින් වූයේ නලින් බණ්ඩාර හා ආචාර්ය ගයාෂාන් නවානන්ද යන මන්ත්‍රීවරු ය. ඇමැති නාමල් රාජපක්ෂ ජයග්‍රහකයින්ට කුසලාන ප්‍රදානය කළේ ය.

එයට පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා මහතා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එය නැරඹීමට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස