පසුගිය සමයේ රේගුවේ විවිධ වංචා දූෂණ සිදු වූ බවත් ඊට එරෙහි වන නිලධාරීන්ට දේශපාලන බලපෑම් එල්ල වන බවත් වාර්තා වී ඇතැයි ද පසුගිය වසර තුන තුළ රේගු අධ්යක්ෂ ජනරාල්වරු සිව් දෙනෙක් පත් කිරීමෙන් එය තහවුරු වන බව ද විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ නිසා රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යා හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ආණ්ඩුව ඊට වගකිව යුතු බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.