රූපවාහිනී විවාදය අතර සජීවීව ගුටි කෙළියක්.. ‘බාර් කුමාර්’ ‘කුඩු දිගා’ සජීවීව රෙදි ලිහා ගනී…!

August 21, 2024 at 9:12 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සහ එම්. වේලුකුමාර ශක්ති ටීවී රූපවාහිනී නාලිකාවේ දේශපාලන සංවාදයක් අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය.

මොවුන් දෙදෙනා ම දෙමළ ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් 2020 මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට තේරී පත්විය.

මෙවර ජනාධිපතිවරණයේදී දිගම්බරම් සජිත් ප්‍රේමදාසට ද වේළුකුමාර් රනිල් වික්‍රමසිංහට ද සහාය දෙති.

දිගම්බරම් වේළුකුමාර්ට ‘බාර් කුමාර්’ යැයි කියමින් පරිභව කිරීමත් සමග වේළුකුමාර් පෙරළා ‘කුඩු දිගා’ යැයි දිගම්බරම්ට බැණ වැදුණු අතර එහි දී දිගම්බරම් පෙරට පැන වේළුකුමාර්ට පහර දීමෙන් ගැටුම ආරම්භ විය.

මෙම ගැටුම පාලනයට සජීවී විකාශය නවතා දැමීමට ආයතනයේ මාධ්‍යවේදීන් කටයුතු නොකිරීම විශේෂත්වයකි.

https://www.youtube.com/watch?v=paJbc1IVdEg

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස