ඊළඟ ඡන්දෙන් සජිත්ගේ ජයග්‍රහණය වළක්වන්න කිසිවෙකුට බෑ…! – දිගම්බරන්

May 8, 2023 at 9:49 am | by emanisa.lk

පාලනය කළ හැකි අයකුට රට බාරදියයුතු බවත්, වර්තමාන ආණ්ඩුව මැතිවරණකට යාම ප්‍රමාද කරනුයේ එසේ කළහොත් ආණ්ඩුව අන්ත පරාජයක් ලබන නිසා බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් පවසයි.

එබැවින් 2024 වසරේ ජනාධිපතිවරණයට යාමට වර්තමාන රජයේ අරමුණ බව හෙතෙම පවසයි. එයට පසුබිම් සාධක ලෙස අලුත් ආණ්ඩුකාරු, අලුත් අමාත්‍යවරුන් පත්කරමින් මැතිවරණය ජයග්‍රහණය කිරීමට කටයුතු කරමින් සිටින බව දිගම්බරන් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඊළඟ මැතිවරණය අනිවාර්යයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව කිසිවෙකුටත් වැළැක්වීමට නොහැකි බව මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස