රූපවාහිනියට පැන්න අරගලකරු ඩුබයි පනින්න යද්දි අත්අඩංගුවට…!

July 26, 2022 at 8:09 pm | by emanisa.lk

පසුගිය 13 වෙනිදා හවස 1.00 පමණ ජාතික රූපවාහිනි පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී වැඩසටහනකට එකතු වූ අරගලකරුවකු බව කියන ධනීස් අලී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී ය.

ඩනීෂ් අලී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි වෙත පළා යාමට උත්සාහ කරන අවස්ථාවේ ය.

එදින රූපවාහිනීයට කඩාපැන සජීවී වැඩසටහනකට බලහත්කාරයෙන් එකතු වූ කැලුම් අමරසිංහ සහ ධනීස් අලීට එරෙහිව නඩු පැවරීමට මේ වන විටත් කටයුතු කරමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *