රූකඩ පවිත්‍රාගේ අවසන් කතාව 13 පාරක් ඇහුවා….! ගුරු උද්ඝෝෂණ නිසා කොවිඩ් පැතිරුණේ නෑ…! වෘත්තීය සමිති 500ක් එක්ක රට වහනවා…! – රවී කුමුදේශ්….

August 19, 2021 at 10:10 pm | by emanisa.lk

ජනාධිපතිවරයාට සෞඛ්‍ය සේවය පිළිබඳ හැදෑරීමක් නොමැති බවත් ඔහු පවසන්නේ කිසිවෙකු විසින් ඔහුට පවසන ලද දේවල් බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

රූකඩයක් මෙන් කටයුතු කළ හිටපු සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ අවසාන කතාව තමන් 13 වතාවක් ඇසූ බවත් එය නැවත නැවත ඇසීමට සිතෙන අතිශය වැදගත් කතාවක් බවත් ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරයා සිකුරාදා වන විට රට වසා දැමීමට තීරණය නොකළහොත් සඳුදා සිට දින 10ක් වෘත්තීය සමිති 500ක් එක්ව රට වසා දමන බවට ද රවී කුමුදේශ් අනතුරු ඇඟවූයේ ය.

මහින්ද ජයසිංහ, ජෝෂප් ස්ටාලිං, රවී කුමුදේශ් උද්ඝෝෂණ සිදුකර රටේ කොවිඩ් පොකුරු ඇති කළ බවට නැඟෙන චෝදනා තමා පිළිනොගන්නා බවත් තමන් පාරට බැස්සේ නිරෝධායන නීතිය අවභාවිතයට එරෙහිව බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

කොවිඩ් දත්ත විකෘති කරන බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවත් මෙය කුමන්ත්‍රණයක් නොව නොහැකියාව බවත් රවී කුමුදේශ් වැඩි දුරටත් අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස